Day: December 11, 2021

FIRE

බටහිර ඔස්ටේ්‍රලියාවේ ලැව්ගිනි ඇතිවූයේ සිතාමතා කිසිවෙකු කල ගිණි තැබීමකින් බව හෙළිවෙයි

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය බදාදා සිට පවතින ලැව්ගිනි තත්වය ඇතිවූයේ සිතාමතා කිසිවෙකු විසින් ගිණි තැබීමකින් බවට ප්‍රාන්ත පොලිසිය සැක පළ කරනවා. මේ වනවිට අක්කර 5500 ක් පමණ ගිනිගෙන විනාශ වී අවසන්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට සී සී ටී වී කැමරා හෝ ඇසින් දුටු සාක්ෂි ඇතිදැයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. Leeuwin-Naturaliste National Park ආශ්‍රිත ජනතාවට අද පෙරවරුවේ වහා ඉවත් වන ලෙසටද බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කලේ ලැව් ගිනි තත්වය දරුණුවීම හේතුවෙනුයි. මේ

Read More »

ඔමික්‍රොන් නිසා අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා – ෆෙඩරල් මුදල් ඇමති

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයට ඇතැම් ප්‍රාන්ත විසින් පමණ ඉක්මවා ප්‍රතිචාර දක්වමින් සිටින බවට ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Josh Frydenberg අනතුරු අගවනවා. එබැවින් අනවශ්‍ය ලෙස සීමාවන් පැණවීමෙන් සිදුවන්නේ ආර්ථිකයට හානි සිදුවීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඩෙල්ටා වැනි මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි වුවද මාරාන්තික බව අඩු බැවින් එය අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු තත්වයක් නොවන බවයි Josh Frydenberg සඳහන් කරන්නේ. පතල් කර්මාන්තවල දියුණුවත් සමග ඔස්ටේ්‍රලියා ආර්ථිකය නැවතත් ශක්තිමත් වෙමින් පවතින බවද ෆෙඩරල්

Read More »

bridging visa හිමියන්ටද නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කල පසු bridging visa හිමියන්ටද රටින් බැහැරව ගොස් නැවත පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ. එහි දක්වා ඇත්තේ තවත් දින කිහිපයකින් දේශ සීමා විවෘත කල පසු රටට පැමිණිය හැකි වීසා කාණ්ඩ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇතත් bridging visa හිමියන් පිළිබඳ එහි කිසිවක් අන්තර්ගත නොවන බවයි. මෙය ඔවුන්ට කරන අසාධාරණයක් බවද පෙත්සමේ සඳහන්. ඇතැම් bridging වීසා බලපත් ලබාගැනීමට මාස 18 ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බැවින්

Read More »

ජනවාරි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් නිරෝධායන රෙගුලාසිවල සංශෝධනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන නීති රෙගුලාසිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ ලබන ජනවාරි පළමුවනදා සිට කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස් නිරෝධායනය විය යුතු වන්නේ දින 07 ක් පමණයි. පස්වන දිනයේදී ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට යොමු කෙරෙන අතර එහිදී සෘණාත්මක බවට පත්වුවහොත් 07 වන දිනයේදී නිරෝධායනයයෙන් මුදා හැරෙනු ඇති. කෙසේවෙතත් අනතුරුව එළඹෙන සතිය තුළදී ඔවුන් අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳ සිටිය යුතු වනවා. සේවකයන් නොමැතිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී මතුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි ක්වීන්ස්ලන්ඩ්

Read More »

අලුබඳුන පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 09 ක ජයක්

මෙවර අලුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09 ක ජයක් අත්කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා. බ්‍රිස්බන් නුවර පැවති තරගයේ එංගලන්ත පළමු ඉණිම ළකුණු 147 කට සීමාවුණා. පැට් කමින්ස් ළකුණු 38 කට කඩුලු 05 ක් බිඳහෙලුවා. ඔස්ටේ්‍රලියා පළමු ඉණිම 425 යි. ට්‍රැවිස් හෙඩ් 152 ක් රැස් කලා. එංගලන්ත දෙවන ඉණිම ළකුණු 297 යි. තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට ලබාගත යුතුවූයේ ළකුණු 20 ක් පමණයි. එය එක් කඩුල්ලක් දැවී සපුරාගැනීමට ඔස්ටේ්‍රලියා පිතිකරුවන් සමත්වුණා. අලුබඳුන දෙවන තරගය ලබන 16 වනදා

Read More »