ඔමික්‍රොන් නිසා අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා – ෆෙඩරල් මුදල් ඇමති

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයට ඇතැම් ප්‍රාන්ත විසින් පමණ ඉක්මවා ප්‍රතිචාර දක්වමින් සිටින බවට ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Josh Frydenberg අනතුරු අගවනවා.

එබැවින් අනවශ්‍ය ලෙස සීමාවන් පැණවීමෙන් සිදුවන්නේ ආර්ථිකයට හානි සිදුවීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩෙල්ටා වැනි මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වැඩි වුවද මාරාන්තික බව අඩු බැවින් එය අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු තත්වයක් නොවන බවයි Josh Frydenberg සඳහන් කරන්නේ.

පතල් කර්මාන්තවල දියුණුවත් සමග ඔස්ටේ්‍රලියා ආර්ථිකය නැවතත් ශක්තිමත් වෙමින් පවතින බවද ෆෙඩරල් මුදල් අමාත්‍යවරයා පැවසීය.

සිදුකල යුතු හොඳම දේ නම් එන්නත්කරණය හැකිතාක් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම බවටයි Josh Frydenberg අවධාරණය කලේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/josh-frydenberg-calls-for-aussies-to-keep-calm-and-carry-on-in-the-face-of-covid-19-omicron-strain-c-4904445

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »