bridging visa හිමියන්ටද නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කල පසු bridging visa හිමියන්ටද රටින් බැහැරව ගොස් නැවත පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

එහි දක්වා ඇත්තේ තවත් දින කිහිපයකින් දේශ සීමා විවෘත කල පසු රටට පැමිණිය හැකි වීසා කාණ්ඩ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇතත් bridging visa හිමියන් පිළිබඳ එහි කිසිවක් අන්තර්ගත නොවන බවයි.

මෙය ඔවුන්ට කරන අසාධාරණයක් බවද පෙත්සමේ සඳහන්.

ඇතැම් bridging වීසා බලපත් ලබාගැනීමට මාස 18 ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බැවින් bridging visa හිමියන්ටද ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට ගොස් යළි පැමිණීමට අවසර දිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

වසර 02 කට ආසන්න කාලයක් පුරා සිය ඥාතීන් බැලීමට නොහැකි වී සිටින bridging visa හිමියන්ට කිසියම් සාධාරණයක් ඉටු කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔන්ලයින් පෙත්සම : https://www.change.org/p/department-of-home-affairs-allow-bridging-visa-holders-to-leave-re-enter-australia

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »