ජනවාරි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් නිරෝධායන රෙගුලාසිවල සංශෝධනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන නීති රෙගුලාසිවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන ජනවාරි පළමුවනදා සිට කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස් නිරෝධායනය විය යුතු වන්නේ දින 07 ක් පමණයි.

පස්වන දිනයේදී ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට යොමු කෙරෙන අතර එහිදී සෘණාත්මක බවට පත්වුවහොත් 07 වන දිනයේදී නිරෝධායනයයෙන් මුදා හැරෙනු ඇති.

කෙසේවෙතත් අනතුරුව එළඹෙන සතිය තුළදී ඔවුන් අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳ සිටිය යුතු වනවා.

සේවකයන් නොමැතිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී මතුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ.

එන්නත ගෙන නොමැති පුද්ගලයන්ට කිසිදු අයුරකින් නිරෝධායන නීති ලිහිල් වීමක් සිදුවන්නේ නැහැ.

https://www.abc.net.au/news/2021-12-11/qld-coronavirus-covid-gold-coast-latest-case-omricron/100621216

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »