Day: December 11, 2021

මෙල්බන් නුවර තවත් ඔමික්‍රොන් ආසාධිතයන් සිටීදැයි විමර්ශන

මෙල්බන් නුවරින් ඊයේ හමුවූ ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන්ගේ ජාන විශේලේෂණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් කොවිඩ් ආසාධිතද යන්න සහ නව ප්‍රභේදය වැළඳී ඇතිද යන්න තහවුරු කරගැනීමයි එහි අරමුණ වී ඇත්තේ. පසුගිය 30 වනදා ඩුබායි සිට මෙල්බන් පැමිණි දෙදෙනෙකු මෙලෙස ඔමික්‍රොන් ආසාධිත බවට තහවුරු කර ගැණුනා. එහි සිටි 03 වැන්නෙකුටද ඔමික්‍රොන් වැළඳී ඇති බවට වන සැකයක් මත මෙලෙස සියල්ලන්ගේ ජාන විශ්ලේෂණ සිදුකරන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා. දැනට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති සමස්ත ඔමික්‍රොන් ප්‍රභේද

Read More »

ලාංකික හමුදා නිළධාරීන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් තහනමක්

තවත් ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා නිළධාරීන් දෙදෙනෙකුට අමෙරිකාව විසින් සංචාරක තහනම් පණවා තිබෙනවා. නාවික හමුදා බුද්ධි නිළධාරියෙකු වන චන්දන හෙට්ටිආරච්චි සහ යුධ හමුදාවේ හිටපු සැරයන්වරයෙකු වන සුනිල් රත්නායක යන අයටයි මෙලෙස සීමා පණවා ඇත්තේ. 2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව නාවික නිළධාරී චන්දන හෙට්ටිආරච්චිට සංචාරක වාරණයක් පණවා තිබෙනවා. 2000 වසරේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට සීමා පණවා ඇති බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1193 / නිවු සවුත් වේල්ස් 560

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1193 ක් හමුව ඇත. මරණ 13 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,457 කි. ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 82,895 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,056 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 560 ක් වාර්තා වි තිබේ. දැනට 150 දෙනෙකු

Read More »

2008 න් පසු ඉපදුණු කිසිවෙකුට නවසීලන්තයේදී දුම්වැටි මිළදී ගැනීම තහනම්

දුම්බීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමේ වැඩසටහනට සමගාමීව 2008 වසරෙන් පසුව ඉපදුණ පුද්ගලයන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබෙනවා. ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට මෙම නව නීතියේදී 2008 වසරෙන් පසුව උපන් කිසිවෙකුට ඉදිරියේදී සිය ජීවිත කාලය තුළදි නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් නවසීලන්තය මෙම තීරණය ගෙන තිබෙනවා. නවසීලන්තය ක්‍රම ක්‍රමයෙන් දුම්බීමෙන් ඉවත්වීමේ රටක් ලෙසට පත්වීමට කටයුතු කරමින් සිටින අතර 2025

Read More »