2008 න් පසු ඉපදුණු කිසිවෙකුට නවසීලන්තයේදී දුම්වැටි මිළදී ගැනීම තහනම්

දුම්බීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමේ වැඩසටහනට සමගාමීව 2008 වසරෙන් පසුව ඉපදුණ පුද්ගලයන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට නවසීලන්තය කටයුතු කර තිබෙනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට මෙම නව නීතියේදී 2008 වසරෙන් පසුව උපන් කිසිවෙකුට ඉදිරියේදී සිය ජීවිත කාලය තුළදි නවසීලන්තයේදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් නවසීලන්තය මෙම තීරණය ගෙන තිබෙනවා.

නවසීලන්තය ක්‍රම ක්‍රමයෙන් දුම්බීමෙන් ඉවත්වීමේ රටක් ලෙසට පත්වීමට කටයුතු කරමින් සිටින අතර 2025 වන විට දුම්බීම සියයට 05 කින් අඩු කිරීමට නවසීලන්තය අපේක්ෂා කරනවා.

නවසීලන්තය දුම්බීම සීමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් සුපිරි වෙළඳසැල්වලින් දුම්වැටි අලෙවි කිරීමද තහනම් කර තිබෙනවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »