Day: November 27, 2021

breaking

Breaking : අප්‍රිකානු රටවල් 09 ක සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහණම්

ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ටේ්‍රලියාව විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකා මහද්වීපයේ රටවල් 09 ක සිට පැමිණෙන සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ. (South Africa, Namibia, Lesotho, Botswana, Eswatini, the Seychelles, Malawi, Mozambique and Zimbabwe) එම රටවල සිට පැමිණෙන ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිය හැකි නමුත් ඔවුන් වහාම දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි. අදාළ රටවල්

Read More »

වසර 10 කට පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ගුරු වර්ජනයක්

සමස්ත ප්‍රාන්තය පුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් රජයේ පාසල්වල ගුරුවරුන් තීරණය කර තිබෙනවා. ඒ අධික රාජකාරි ප්‍රමාණය සහ වැටුප් ප්‍රමාණවත් නොවීම යන කරුණු පදනම් කරගෙනයි. මේ අනුව ලබන දෙසැම්බර් 07 වනදා නිවු සවුත් වේල්ස් ගුරුවරුන් එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන අතර ඊට විදුහල්පතිවරුන්ගේද සහය හිමිවනු ඇති. වසර 10 කට පමණ පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයම පුරා වැඩවර්ජනයක් සංවිධාන කර ඇති පළමු අවස්ථාව මෙයයි. මාස 18 ක් පුරා පැවති සාකච්ඡා බිඳ වැටීම

Read More »

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 235 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 235 ක් වාර්තා වි තිබේ. දැනට 174 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 26 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 62,044 ක් සිදු කර ඇත.

Read More »

දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයි

දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා. එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම නව ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා. මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. දකුණු අප්‍රිකාව – බොට්ස්වානා – සිම්බාබ්වේ – නැමීබියාව – ලෙසෝතෝ

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,252ක් | මරණ 5ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,252ක් හමුව ඇත. මරණ  5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  11,257කි. ඊයේ දිනයේදී (26) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 57,292 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,938ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1464352966480044035?s=20

Read More »