Search

වසර 10 කට පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ගුරු වර්ජනයක්

සමස්ත ප්‍රාන්තය පුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් රජයේ පාසල්වල ගුරුවරුන් තීරණය කර තිබෙනවා.

ඒ අධික රාජකාරි ප්‍රමාණය සහ වැටුප් ප්‍රමාණවත් නොවීම යන කරුණු පදනම් කරගෙනයි.

මේ අනුව ලබන දෙසැම්බර් 07 වනදා නිවු සවුත් වේල්ස් ගුරුවරුන් එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන අතර ඊට විදුහල්පතිවරුන්ගේද සහය හිමිවනු ඇති.

වසර 10 කට පමණ පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයම පුරා වැඩවර්ජනයක් සංවිධාන කර ඇති පළමු අවස්ථාව මෙයයි.

මාස 18 ක් පුරා පැවති සාකච්ඡා බිඳ වැටීම හමුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවද ගුරු වෘත්තීය සමිති සඳහන් කලා.

අයවැයෙන් සියයට 2.5 ක වැටුප් වැඩිවීමක් ලබාදීම ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවී තිබෙනවා.

PIC -AAP

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »