Search

Breaking : අප්‍රිකානු රටවල් 09 ක සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහණම්

breaking

ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ටේ්‍රලියාව විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකා මහද්වීපයේ රටවල් 09 ක සිට පැමිණෙන සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ. (South Africa, Namibia, Lesotho, Botswana, Eswatini, the Seychelles, Malawi, Mozambique and Zimbabwe)

එම රටවල සිට පැමිණෙන ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිය හැකි නමුත් ඔවුන් වහාම දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි.

අදාළ රටවල් 09 සිට පැමිණෙන සිසුන්ට මෙන්ම නිපුණතා ශ්‍රමිකයන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි නමුත් ඔවුන්ද දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින ගතවූ දින 14 තුළදී අදාළ රටවල් 09 සිට පැමිණි පුද්ගලයන් වෙතොත් ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත රටවල් 09 සමග සිදු කෙරෙන ගුවන් ගමන් වහා නතර කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

කෙසේවෙතත් මේ දක්වා ඔස්ටේ්‍රලියාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිතයෙකු හමුවී නැහැ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »