නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 235 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 235 ක් වාර්තා වි තිබේ.

දැනට 174 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 26 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 62,044 ක් සිදු කර ඇත.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »