Search

දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයි

දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙනවා.

එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා.

මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව – බොට්ස්වානා – සිම්බාබ්වේ – නැමීබියාව – ලෙසෝතෝ – එස්වාටිනි – මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහායි මෙම නියෝගය බලාත්මක වන්නේ.

ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කල නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවව්ට පමණයි.

මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම සඳහායි.

සිංගප්පූරුව – ජපානය – ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාධිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙසයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »