Day: November 27, 2021

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයක

මේ දිනවල සිම්බාබ්වේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිම්බාවේද ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර තිබීමයි. මෙම තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන ගෙන්වාගැනීම සමඟ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය

Read More »

VIDEO : එන්නත්කරණයට විරෝධය පළ කර මෙල්බර්න් ඇතුලු නගර රැසක අදත් විරෝධතා

කොවිඩ් සංචරණ සීමා සහ එන්නත්කරණ අනිවාර්ය කිරීම්වලට විරෝධය පළ කරමින් අද දිනයේදීත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙල්බර්න් – සිඩ්නි සහ ගෝල්ඩ් කෝස්ට් ඇතුලු නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙන බව සඳහන්. කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම පිරිස් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. Adelaide, Darwin, Alice Springs, Perth, Canberra, Newcastle යන නගරවලදීද විරෝධතා පැවති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. මෙල්බර්න් නගර මධ්‍යයේ මෙවැනි විරෝධතාවයක් අඛණ්ඩව පැවති 03 වන සති අන්තය මෙයයි.

Read More »
Australian bushfires

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළි දක්වා තිබේ. ගතවු වසර 32 සැළකීමේදී ලැව් ගිනි හමුවේ මෙරට විනාශයට පත්වු භූමි ප්‍රමාණය සියයට 350 කින් ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ. දරුණුතම ලැව් ගිනි තත්වයක් පැවති 2019 වසරේ හානිය එකතුවූ විට එය සියයට 800 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා. දේශගුණ විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මීට ප්‍රධාන හේතු ලෙසයි අදාළ වාර්තාව හෙළි කර ඇත්තේ. 2019 වසරේ Black Summer ලැව් ගිනි තත්වයේදී විනාශ වූ භූමි ප්‍රමාණය

Read More »

අප්‍රිකානු රටවල් 06 ක සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති ඔමික්‍රොන් නව විකෘති කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 06 ක සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම අද සිට තහණම් කර තිබෙනවා. අද සිට එය බලාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ. මෙම රටවල සිට වෙනත් රටක් බලා යාම සඳහා එනම්

Read More »