Day: November 26, 2021

ඔස්ටේ්‍රලියා නව ටෙස්ට් නායකයා ලෙස පැට් කමින්ස් නම් කරයි

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පැට් කමින්ස් නම් කර තිබෙනවා. ඒ අනුව තවත් සති 02 කින් ආරම්භ වන අලු බඳුන තරගාවලියේදී ඔස්ටේ්‍රලියා කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙනු ඇති. කණ්ඩායමේ නව උප නායකයා ලෙස ස්ටීව් ස්මිත් නම් කර තිබෙනවා. ඔස්ටේ්‍රලියාවේ 47 වන ටෙස්ට් නායකයා බවට මේ අනුව පැට් කමින්ස් පත් වනවා. ටිම් පේන් එම ධරයෙන් ඉවත් වීම හේතුවෙනුයි නව නායකයෙකු පත් කෙරුණේ.

Read More »

එන්නත්වලට පවා ඔරොත්තු නොදෙන භයානක නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ මෙම නව ප්‍රභේදය දරුණු විකෘති රැසකින් යුක්ත වන බවයි. B.1.1.529 ලෙස නම්කර ඇති මේ ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකරනවා. දැනට ආසාධිතයන් 59 දෙනෙකු මෙම ප්‍රභේදය ආසාධිතව හඳුනාගෙන ඇති අතර දකුණු අප්‍රිකාව – බොට්ස්වානා සහ හොංකොං යන රටවලින් ආසාධිතයන් හමුවී ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවෙන් හෝ ශ්‍රී ලංකාවෙන් මේ දක්වා මෙම නව ප්‍රභේදය ආසාධිතයන් කිසිවෙකුත් හමුවී නැහැ. මෙම නව

Read More »

ඔස්ටේ්‍රලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගැනීමට ඔස්ටේ්‍රලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් තීරණය කර තිබෙනවා. ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ද එය අදාළ වන බවයි. අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක්. ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරද පිළිගත් ටිම් පේන් පසුගියදා නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා. මේ අතර ඔස්ටේ්‍රලියා නව ටෙස්ට් ක්‍රිකටේ නායකයා අද දිනය තුළදී නම්

Read More »

අගමැති මොරිසන්ගෙන් සෑම නිවසකටම ලිපියක්

ඔස්ටේ්‍රලියාවේ සියලුම නිවාස වෙත ලිපියක් යොමු කිරීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කරවා ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා සිටිනු ඇතැයි සඳහන්. බූස්ටර් එන්නත ලබාදීම ජනතාව අතරට ගෙන යාම සඳහා වන ජාතික වැඩපිළිවෙල ඔස්ටේ්‍රලියාව තුළදී අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. 02 වන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ගතවීමෙන් අනතුරුවයි 003 වන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත්තේ. අද වනවිට ඔස්ටේ්‍රලියානුවන් 390,000 ක් පමණ බූස්ටර්

Read More »