
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස පැට් කමින්ස් නම් කර තිබෙනවා.
ඒ අනුව තවත් සති 02 කින් ආරම්භ වන අලු බඳුන තරගාවලියේදී ඔස්ටේ්‍රලියා කණ්ඩායම මෙහෙයවීම ඔහුට පැවරෙනු ඇති.
කණ්ඩායමේ නව උප නායකයා ලෙස ස්ටීව් ස්මිත් නම් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ 47 වන ටෙස්ට් නායකයා බවට මේ අනුව පැට් කමින්ස් පත් වනවා.
ටිම් පේන් එම ධරයෙන් ඉවත් වීම හේතුවෙනුයි නව නායකයෙකු පත් කෙරුණේ.
