Day: November 26, 2021

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ලාංකිකයන්ට නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට නැවතත් සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද ඇතුලු රටවල් 06 ක් එම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි එරට බළධාරීන් අද පියවර ගෙන ඇත්තේ. මේ අනුව දෙසැම්බර් 14 වනදා සිට තායිලන්ත පුරවැසියන්ටත් දෙසැම්බර් 16 වනදා සිට ශ්‍රී ලංකාව – කාම්බෝජය – ෆීජි – මාලදිවයින සහ තුර්කියේ පුරවැසියන්ටත් නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවිය හැකියි. මේ අනුව සිංගප්පූරුව විසින් හඳුන්වාදුන් එන්නත්කරණ සංචරණ තීරු ක්‍රමය නම් මෙම ක්‍රමවේදයට යටත් වන රටවල් සංඛ්‍යාව 27 දක්වා ඉහළ යනු

Read More »

දිමුත්, ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් අභිසය

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී ලකුණු 50 ට වඩා වැඩියෙන් වාර්තා කළ පිතිකරු බවට පත්වීමේ ලෝක වාර්තාවටයි. මේ වනවිට දිමුත් කරුණාරත්න අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 06 කදී අර්ධ ශතක රැස්කර ගෙන සිටිනවා. එහි ලෝක වාර්තාව වන්නේ අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 7 කදි අර්ධ ශතක රැස් කිරීමයි. කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා. එහෙත් 1948 වර්ෂයේ සිට එම

Read More »

දකුණු ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට නව නීති

දකුණූ ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට අදාළවන පරිදි පණවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ දකුණු ඔස්ටේ්‍රලියාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනකු වාර්තාවීමත් සමගයි. ඔවුන් වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය බවද වාර්තා වනවා. මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාවේදී කොවිඩ් ආසාධිත බවට පත්වූ අයෙකුගේ ආශ්‍රිතයෙකු බටහිර ඔස්ටේ්‍රලියාව තුළ සිටී නම් ඔවුන් පැය 48 ක් තුළ පරීක්ෂාවට ලක්ව දින 14 ක් නිරෝධායනය විය යුතුයි. දකුණු ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරනු ලැබුවේ මීට දින

Read More »

කැමැත්තෙන් මරණය අත්කර ගැනීම නිවු සවුත් වේල්ස් පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මතයි

ස්වකැමැත්තෙන් මරණයට පත්වීමේ නීතිය නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා. ඒ 52 ට 32 ක් ලෙසයි. මේ අනුව කෙටුම්පත ඉහළ මන්ත්‍රී මණ්ඩලයට යොමුකර එහිදී අනුමත වුවහොත් නීතියක් බවට පත්වී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇති. කෙසේවෙතත් මෙම පණත සඳහා නිවු සවුත් වේල්ස් අගමැති Dominic Perrottet සිය විරුද්ධත්වය පළකර තිබුණා. සුව කල නොහැකි රෝගයකින් පෙළෙන්නේ නම් එන්නතක් ලබාගැනීම හරහා සිය කැමැත්තෙන්ම මරණය අත්කර ගැනීම සඳහායි මෙම කෙටුම්පතින් අනුමැතිය

Read More »

බ්‍රිස්බන් සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන වසර දක්වා කල් යනු ඇති බවට අනාවැකි

ලබන පළමුවනදා සිට අවසර ලත් වීසා බලපත් හිමියන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන නමුත් බ්‍රිස්බන් ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භවීමට තවත් කල් ගත වනු ඇති බවට අනාවැකි පළවනවා. ඒ ප්‍රාන්තයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසු ආරම්භ කිරීමට දැනට සැළසුම් කර තිබීමයි. එහෙත් ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය තවමත් පවතින්නේ සියයට 75 ක සීමාවේයි. එබැවින් විදෙස්ගතවීමට හෝ රටට පැමිණිමට බලාපොරොත්තු වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට පළමුවෙන් සිඩ්නි හෝ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පැමිණිමට

Read More »