Search

කැමැත්තෙන් මරණය අත්කර ගැනීම නිවු සවුත් වේල්ස් පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මතයි

ස්වකැමැත්තෙන් මරණයට පත්වීමේ නීතිය නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

ඒ 52 ට 32 ක් ලෙසයි.

මේ අනුව කෙටුම්පත ඉහළ මන්ත්‍රී මණ්ඩලයට යොමුකර එහිදී අනුමත වුවහොත් නීතියක් බවට පත්වී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් මෙම පණත සඳහා නිවු සවුත් වේල්ස් අගමැති Dominic Perrottet සිය විරුද්ධත්වය පළකර තිබුණා.

සුව කල නොහැකි රෝගයකින් පෙළෙන්නේ නම් එන්නතක් ලබාගැනීම හරහා සිය කැමැත්තෙන්ම මරණය අත්කර ගැනීම සඳහායි මෙම කෙටුම්පතින් අනුමැතිය හිමිවන්නේ.

කෙසේවෙතත් ඒ සඳහා රෝගී තත්වයෙන් පසුවන්නා වයස අවුරුදු 18 ට වැඩිවිය යුතු අතර යහපත් මානසික තත්වයකින් පසුවිය යුතුයි.

එමෙන්ම ඉදිරි මාස 06 ත් 12 ත් ඇතුළත මරණය සිදුවිය හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිය යුතු වනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »