Search

බ්‍රිස්බන් සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන වසර දක්වා කල් යනු ඇති බවට අනාවැකි

ලබන පළමුවනදා සිට අවසර ලත් වීසා බලපත් හිමියන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන නමුත් බ්‍රිස්බන් ගුවන් තොටුපළේ මෙහෙයුම් ආරම්භවීමට තවත් කල් ගත වනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ ප්‍රාන්තයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසු ආරම්භ කිරීමට දැනට සැළසුම් කර තිබීමයි.

එහෙත් ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය තවමත් පවතින්නේ සියයට 75 ක සීමාවේයි.

එබැවින් විදෙස්ගතවීමට හෝ රටට පැමිණිමට බලාපොරොත්තු වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට පළමුවෙන් සිඩ්නි හෝ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පැමිණිමට සිදුවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඒ අනුව බ්‍රිස්බන් ගුවන් තොටුපළේ සිට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන වසර දක්වා කල් යනු ඇති බවයි පැවසෙන්නේ.

https://www.abc.net.au/news/2021-11-26/how-international-flights-differ-in-brisbane-sydney-melbourne/100649208?utm_medium=social&utm_content=sf251522640&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251522640=1&fbclid=IwAR2tIw0XF_gTxBpC6xZ75MgabaWO4diLP7fM58ZnDlGs4yciW9qKTydcWKQ