Day: November 26, 2021

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1,362 / නිවු සවුත් වේල්ස් 261

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,362 ක් හමුව ඇත. මරණ 07 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,887 කි. ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 73, 419 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,815 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 261 ක් වාර්තා වි තිබේ. දැනට 185

Read More »

මෙල්බන් Footscray හි Aged care මධ්‍යස්ථානයක කොවිඩ් පොකුර තවත් ඉහළට

මෙල්බන් Footscray හි පිහිටා ඇති Aged care මධ්‍යස්ථානයකින් ගතවූ සති 02 තුළ කොවිඩ් ආසාධිතයන් 35 දෙනෙකු සහ මරණ 06 ක් වාර්තා වී තිබෙනවා. නොවැම්බර් 12 වනදා සිට Baptcare Westhaven හි කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ආසාධිතයන් අතුරින් 31 දෙනෙකු නේවාසිකයන් වන අතර 04 දෙනෙකු සේවකයන් වනවා. කෙසේවෙතත් සියලු සේවකයන් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි එහි පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ. විශේෂම කරුණකට හැර අමුත්තන්ට Baptcare Westhaven වෙත පැමිණීමද අත්හිටුවා

Read More »

වික්ටෝරියාවට ඇතුලුවීමේ බලපත් ක්‍රමය නවතී

කොවිඩ් තත්වයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අභ්‍යන්තර ගමනාගමන බලපත් ක්‍රමවේදය නතර කර තිබෙනවා. ඒ ඕනෑම ප්‍රාන්තයක සිට ඕනෑම අයෙකුට එන්නත්කරණ තත්වය නොසළකා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලැබීමත් සමගයි. මේ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රතු – තැඹිලි සහ කොළ පැහැති කලාප ලෙස ක්‍රියාත්මක වූ ක්‍රමවේදය ඊයේ පස්වරු 06 සිට බලාත්මක වන්නේ නැහැ. වික්ටෝරියා ප්‍රාන්තය තුළ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමත් සමගයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණයට එළැඹී ඇත්තේ. වික්ටෝරියා ප්‍රාන්තය සහ

Read More »