Search

වික්ටෝරියාවට ඇතුලුවීමේ බලපත් ක්‍රමය නවතී

කොවිඩ් තත්වයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අභ්‍යන්තර ගමනාගමන බලපත් ක්‍රමවේදය නතර කර තිබෙනවා.

ඒ ඕනෑම ප්‍රාන්තයක සිට ඕනෑම අයෙකුට එන්නත්කරණ තත්වය නොසළකා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලැබීමත් සමගයි.

මේ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රතු – තැඹිලි සහ කොළ පැහැති කලාප ලෙස ක්‍රියාත්මක වූ ක්‍රමවේදය ඊයේ පස්වරු 06 සිට බලාත්මක වන්නේ නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමත් සමගයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණයට එළැඹී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය සහ වෙනත් ප්‍රාන්ත අතර ක්‍රියාත්මක වූ සංචරණ බුබුලු ක්‍රමවේදයද නතර කෙරෙන ඇති.

මාර්ග සැළැස්මට අනුව මීලගට යෙදී ඇත්තේ ලබන පළමුවනදා සිට අවසර ලත් වීසා කාණ්ඩ 28 ක පුද්ගලයන්ට ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලබාදීමයි.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/victoria-scraps-domestic-travel-permits-as-state-opens-to-anyone-regardless-of-vaccine-status-c-4693713

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »