සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

 

රට තුළ සිටින පුහුණු ශ්‍රමිකයින්ගෙන් වැඩි වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවයි ඔස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටු වාර්තා පෙන්වා දෙන්නේ.

 

විදෙස් සංක්‍රමණිකයින්ගේ හැකියා සහ කුසලතා, පවතින ශ්‍රම හිඟය සඳහා යොදා ගැනීමට අවධානය යොමු කළ යුතු බව ද එම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

 

කමිටුවෙහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඇන්ඩෲ බාර්කර් පවසන්නේ මෑත කාලීන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවේ උපන් ශ්‍රමිකයන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු ආදායමක් උපයන බවයි.

 

බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිපුණතා මට්ටමට වඩා අඩු රැකියාවල නිරතව සිටින බවද සඳහන්.

 

දුර්වල ඉංග්‍රීසි කුසලතා සහ නිපුණතා හඳුනාගැනීමේ ඌනතාවය හේතුවෙන් සංක්‍රමණිකයින් මෙලෙස අඩු වැටුපට සේවය කරන බවයි වාර්තා වන්නේ.

 

සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තවමත් ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බව හෙළිව තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »