එන්නත්වලට පවා ඔරොත්තු නොදෙන භයානක නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම නව ප්‍රභේදය දරුණු විකෘති රැසකින් යුක්ත වන බවයි.

B.1.1.529 ලෙස නම්කර ඇති මේ ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකරනවා.

දැනට ආසාධිතයන් 59 දෙනෙකු මෙම ප්‍රභේදය ආසාධිතව හඳුනාගෙන ඇති අතර දකුණු අප්‍රිකාව – බොට්ස්වානා සහ හොංකොං යන රටවලින් ආසාධිතයන් හමුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවෙන් හෝ ශ්‍රී ලංකාවෙන් මේ දක්වා මෙම නව ප්‍රභේදය ආසාධිතයන් කිසිවෙකුත් හමුවී නැහැ.

මෙම නව ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව අතර ගුවන් ගමන් නතර කිරිමේ කිසිදු සැළසුමක් මේ දක්වා නොමැති බව ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලා.

මෙම විකෘති ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව – නැමීබියාව – සිම්බාබ්වේ – බොට්ස්වානා සහ ලෙසෝතෝ යන රටවලින් එංගලන්තයට පැමිණෙන සියලු ගුවන් යානා අත්හිටුවා තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »