Day: November 22, 2021

මෙල්බර්න් Deer Park අසල මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ගුටි බැට හුවමාරුවක්

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ Deer Park අසලදී මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවකට අදාළ ඡයාරූප හා වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී. Ballarat Road සහ Station Road අතරදී ඊයේ පස්වරුවේයි මෙම ගැටුම හටගෙන තිබුණේ. මෝටර් රථවල රුධිරය තැවරී ඇති ආකාරයක්ද දැකගත හැකි වනවා. සිද්ධියට සම්බන්ධ එක් රියදුරෙකු රෝහල්ගත කර ඇති අතර තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. PIC – 7NEWS

Read More »

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ගුවන් වාර 1000 කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ ගුවන් වාර 1000 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට නවසීලන්තයේ ජාතික ගුවන් සේවය වන Air New Zealand කටයුතු කර තිබේ. ලබන දෙසැම්බර් 31 වනදා දක්වා සැළසුම් කර තිබූ ගුවන් වාර මෙලෙස අවලංගු කර ඇත්තේ දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ අවිනිශ්චිත භාවය හේතුවෙනුයි. මෙමගින් ගුවන් මගීන් 20,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවනු ඇති බවට අනාවැකි පළවේ. නත්තල් සමයේදී සිය ඥාතීන් සමග එක්ව කාලය ගත කිරීමට සැළසුම්

Read More »

ලබන 01 න් පසු ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඔබ ඊට පෙර ගත යුතු එන්නත ගැන දැනුවත්ද ?

ලබන 01 දා සිට වලංගු වීසා බලපත් හිමියන්ට පූර්ව අනුමැතියකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් අද නිවේදනය කලේය. එසේ පැමිණෙන ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය. ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය  ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි. මෙම එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය කෙරේ. ඒවා පහත පරිදි වේ. 01. Pfizer 02. AstraZeneca

Read More »

ක්වින්ස්ලන්ඩ් නව රථවාහන දඩ නියම කල පළමු සතියේදීම වැරදි සිදුකල 2000 ක් හසුවෙයි

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව පොලිස් කැමරා පද්ධතිය ක්‍රියාත්මක කල පළමු සතියේදීම රථවාහන නීති කඩ කල රියදුරන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය සහ ආසන පටි පැළඳීමකින් තොරව රිය ධාවනය යන චෝදනා යටතේයි. පසුගිය නොවැම්බර් 01 දා සිට මෙම වැරදි දෙක සඳහාම නව දඩ මුදල් නියම කෙරුණා. මේ අනුව රිය ධාවනයේදී කිසිදු අයුරකින් ජංගම දුරකථන භාවිත කල නොහැකි අතර පළමුවරට එම වරද කලහොත් ඩොලර් 1033 ක

Read More »