ලබන 01 න් පසු ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඔබ ඊට පෙර ගත යුතු එන්නත ගැන දැනුවත්ද ?

ලබන 01 දා සිට වලංගු වීසා බලපත් හිමියන්ට පූර්ව අනුමැතියකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් අද නිවේදනය කලේය.

එසේ පැමිණෙන ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය.

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය  ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.

මෙම එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය කෙරේ.

ඒවා පහත පරිදි වේ.

01. Pfizer

02. AstraZeneca

03. Moderna

04. Johnson and Johnson

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.

මෙම එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය නොකෙරේ.

එහෙත් රටට පැමිණීමේදී පිළිගැනීමට ලක්වෙයි.

ඒවා පහත පරිදි වේ.

01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield

02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin

03. චීනයේ නිෂ්පාදිත Sinovac

04. චීනයේ නිෂ්පාදිත Sinopharm

 

SOURCE : https://www.tga.gov.au/covid-19-vaccines-undergoing-evaluation

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »