Search

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ගුවන් වාර 1000 කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ ගුවන් වාර 1000 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට නවසීලන්තයේ ජාතික ගුවන් සේවය වන Air New Zealand කටයුතු කර තිබේ.

ලබන දෙසැම්බර් 31 වනදා දක්වා සැළසුම් කර තිබූ ගුවන් වාර මෙලෙස අවලංගු කර ඇත්තේ දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ අවිනිශ්චිත භාවය හේතුවෙනුයි.

මෙමගින් ගුවන් මගීන් 20,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවනු ඇති බවට අනාවැකි පළවේ.

නත්තල් සමයේදී සිය ඥාතීන් සමග එක්ව කාලය ගත කිරීමට සැළසුම් කර තිබූ විශාල පිරිසකට මෙම තීරණය හමුවේ බලපෑම් එල්ලවනු ඇති බව සඳහන්.

නවසීලන්තයේ සිට සිය රටට පැමිණෙන බොහෝ පිරිසකට නිරෝධායනය අදාළ නොකිරීමට ඔස්ටේ්‍රලියාව කටයුතු යොදා ඇතත් නවසීලන්තය අනිවාර්ය නිරෝධායනය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතකුයි අනුගමනය කරන්නේ.

SOURCE : https://www.7news.com.au/lifestyle/health-wellbeing/air-nz-cancels-trans-tasman-xmas-flights-c-4653404

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »