ක්වින්ස්ලන්ඩ් නව රථවාහන දඩ නියම කල පළමු සතියේදීම වැරදි සිදුකල 2000 ක් හසුවෙයි

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව පොලිස් කැමරා පද්ධතිය ක්‍රියාත්මක කල පළමු සතියේදීම රථවාහන නීති කඩ කල රියදුරන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය සහ ආසන පටි පැළඳීමකින් තොරව රිය ධාවනය යන චෝදනා යටතේයි.

පසුගිය නොවැම්බර් 01 දා සිට මෙම වැරදි දෙක සඳහාම නව දඩ මුදල් නියම කෙරුණා.

මේ අනුව රිය ධාවනයේදී කිසිදු අයුරකින් ජංගම දුරකථන භාවිත කල නොහැකි අතර පළමුවරට එම වරද කලහොත් ඩොලර් 1033 ක දඩයක් නියමවනු ඇති.

ආසන පටි පැළඳීමෙන් තොරව රිය ධාවනය කරන්නේ නම් නියමවන දඩය ඩොලර් 413 ක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »