Day: November 20, 2021

VIDEO : කොවිඩ් පණතට විරෝධය පළකර මෙල්බන් ඇතුලු නගර ගණනාවක විරෝධතා

යෝජිත කොවිඩ් පණත් කෙටුම්පත්වලට විරෝධය පළකර මෙල්බන් – සිඩ්නි – ඇඩිලේඩ් සහ බි්‍රස්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවක මේ වනවිට විරෝධතා ආරම්භ වී තිබෙනවා. එන්නත්කරණය අනිවාර්ය කිරීමට සහ ගෙන ඒමට නියමිත නව හදිසි රෙගුලාසිවලට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතා සංවිධාන කර ඇත්තේ. මීට සමගාමීව එන්නත්කරණයට සහය පළකරමින්ද උද්ඝෝෂණ රැළි පැවැත්වෙන බව සඳහන්. මෙම විරෝධතා හමුවේ මෙල්බන් CBD සහ සිඩ්නි CBD යන නාගරික කලාප දෙකෙහිම සැළකිය යුතු මට්ටමක රථවාහන තදබදයන්ද වාර්තා වනවා. වික්ටෝරියා පොලිසිය ඊයේ අනතුරු අගවා

Read More »

මේ මොහොතේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම සේවක හිගයක් පවතින රැකියා මෙන්න

මේ මොහොතේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම සේවක හිගයක් පවතින රැකියා සම්බන්ධයෙන් විද්වතුන් විසින් අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ අනුව වර්තමානයේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩියෙන්ම අවශ්‍යතාවය පවතිනුයේ White Collar ඝනයට අයත් වෘත්තීන් කිහිපයක් බවටයි හඳුනාගෙන ඇත්තේ. එනම් නීතීඥයන් – ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් කිහිපයක්. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් රැසකද දැඩි සේවක හිගයක් පවතින බවටයි තොරතුරු හෙළිවන්නේ. කොවිඩ් තත්වය හමුවේ දේශ සීමා වසා දමා තිබීමත් සමග පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොහැකිවී සිටීමයි

Read More »

මෙල්බන් එන ජාත්‍යන්තර සිසුන්ට පණවා තිබූ අනිවාර්ය නිරෝධායනය ඉවතට

උසස් අධ්‍යාපනය සඳහා මෙල්බන් නගරයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය අනිවාර්ය නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටිනවා. කෙසේවෙතත් ඔවුන් රජයේ සිසුන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පැමිණිය යුතු අතර පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම අනිවාර්ය වනු ඇති. මේ සඳහා ෆෙඩරල් රජයේ සහ අනෙකුත් ප්‍රාන්තවල අගමැතිවරුන්ගේද අනුමැතිය ලැබී ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලා. ලබන මාසයේ සිට කොටස් වශයෙන් ජාත්‍යන්තර සිසුන් වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට නියමිතයි. ඒ අනුව ප්‍රමුඛතාවය හිමිවන්නේ පර්යේෂණ – සෞඛ්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍ර සම්බන්ධ සිසුන්

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1166 ක් / නිවු සවුත් වේල්ස් 182 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1166 ක් හමුව ඇත. මරණ 05 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,581 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 64,050 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 6,920 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 182 ක් වාර්තා වි තිබේ. දැනට 191 දෙනෙකු

Read More »

මහා බි්‍රතාන්‍යයේ නිවසක් ගිනි ගැනීමෙන් ලාංකික 04 ක් මරුට

මහා බි්‍රතාන්‍යයේ බෙක්ස්ලිහීත් නගරයේ නිවසක් ගිනි ගැනීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක – දරුවන් දෙදෙනෙකු සහ ඥාති කාන්තාවක මියගොස් තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 08 යි 30 ට පමණ මෙම ඛේදවාචකය සිදුවී ඇති බව සඳහන්. මියගොස් ඇති 04 දෙනාම එකම පවුලක සාමාජිකයන් වන බවටයි හඳුනාගෙන ඇත්තේ. කෙසේවෙතත් ඔවුන් එකිනෙකාට ඇති ඥාතීත්වය තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලක සාමාජිකයන් පිරිසක් බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කලා. source : https://www.bbc.com/news/uk-england-london-59341939

Read More »