VIDEO : කොවිඩ් පණතට විරෝධය පළකර මෙල්බන් ඇතුලු නගර ගණනාවක විරෝධතා

යෝජිත කොවිඩ් පණත් කෙටුම්පත්වලට විරෝධය පළකර මෙල්බන් – සිඩ්නි – ඇඩිලේඩ් සහ බි්‍රස්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවක මේ වනවිට විරෝධතා ආරම්භ වී තිබෙනවා.

එන්නත්කරණය අනිවාර්ය කිරීමට සහ ගෙන ඒමට නියමිත නව හදිසි රෙගුලාසිවලට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතා සංවිධාන කර ඇත්තේ.

මීට සමගාමීව එන්නත්කරණයට සහය පළකරමින්ද උද්ඝෝෂණ රැළි පැවැත්වෙන බව සඳහන්.

මෙම විරෝධතා හමුවේ මෙල්බන් CBD සහ සිඩ්නි CBD යන නාගරික කලාප දෙකෙහිම සැළකිය යුතු මට්ටමක රථවාහන තදබදයන්ද වාර්තා වනවා.

වික්ටෝරියා පොලිසිය ඊයේ අනතුරු අගවා සිටියේ මෙම විරෝධතා සමග ප්‍රවාහන කටයුතු අද දිනයේදී දැඩි අවහිරයකට ලක්විය හැකි බවයි.

https://twitter.com/AirlieWalsh/status/1461867689920528388?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1461867689920528388%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fmelbourne-sydney-protests-crowds-gather-across-australia-to-protest-covid-19-vaccines-pandemic-legislation-coronavirus-restrictions%2Fba8d6b3e-8b60-4a4b-bd4e-64e2f09a5186

 

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »