උසස් අධ්‍යාපනය සඳහා මෙල්බන් නගරයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට නිරෝධායනය අනිවාර්ය නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.
කෙසේවෙතත් ඔවුන් රජයේ සිසුන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පැමිණිය යුතු අතර පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම අනිවාර්ය වනු ඇති.
මේ සඳහා ෆෙඩරල් රජයේ සහ අනෙකුත් ප්‍රාන්තවල අගමැතිවරුන්ගේද අනුමැතිය ලැබී ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලා.
ලබන මාසයේ සිට කොටස් වශයෙන් ජාත්‍යන්තර සිසුන් වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට නියමිතයි.
ඒ අනුව ප්‍රමුඛතාවය හිමිවන්නේ පර්යේෂණ – සෞඛ්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍ර සම්බන්ධ සිසුන් සඳහායි.
ඔස්ටේ්‍රලියානු දේශ සීමා වසා දමා තිබීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණිමට නොහැකිව මේ වනවිට විදෙස් රටවල සිටින සිසුන් ගණන 49,000 කට ආසන්නයි.