Day: November 20, 2021

නවසීලන්තයේදී බිරිඳ හා දියණිය අහිමිවූ ලාංකිකයාගේ එකම ඉල්ලීම

මීට මාස කිහිපයකට පෙර නවසීලන්තයේදී දරු ප්‍රසූතියේදී මියගිය නිලක්ෂිනී සිල්වා ගේ සැමියා වන චරිත මීපාගම එරට ස්ථිර පදිංචිය අපේක්ෂා කරන බව නවසීලන්ත වාර්තා පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ බිරිඳ සහ දියණිය භූමදානය කල සුසානභූමිය වෙත තමන් සෑම දිනකම යන බවයි. තමන්ට නවසීලන්තයේ ස්ථිර පදිංචිය නොලදහොත් එම කටයුතු සිදුකිරීමට කිසිවෙකු මෙහි නොමැති බවද චරිත මීපාගම සඳහන් කර සිටී. 2009 වසරේදී හමුවී ඇති චරිත සහ නිලක්ෂිනි වසරකට පමණ පසු විවාහ වී මීට වසර 04 කට පමණ පෙර

Read More »

ඉදිරි පැය කිහිපය තුළ නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක්

ඉදිරි පැය කිහිපය තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක් බලපෑ හැකි බවට අනතුරු ඇගවෙනවා. අධික වර්ෂාව සහ සුළං තත්වය මෙන්ම ජලගැලීම් තත්වයක්ද හටගත හැකි බවටයි අනාවැකි පළවන්නේ. Northern Territory සිට හමා එන අඩු පීඩන කලාපය මීට හේතුවී තිබෙනවා. මෙහි බලපෑම හමුවේ Tamworth, Moree, Narrabri, Walgett, Bourke , Upper Macintyre, Gwydir, Peel, Castlereagh and Macquarie යන ප්‍රදේශ සහ ගංගා ආශ්‍රිත කලාපයේ ජල මට්ටම් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. නවතම කාළගුණ අනාවැකිය පහතින්

Read More »

ෆේස්බුක් තවත් වෙනසකට සැරසෙයි

සිය News feed එකෙහි දිස්විය යුතු දෑ පාලනය සම්බන්ධයෙන් පරිශීලකයාටම පාලනය පවරා දෙන නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට ෆේස්බුක් ආයතනය සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් පිටු (Pages) සහ සමුහයන් (Groups) වලින් පළකරන දෑ වෙනුවට හිත මිතුරන් සහ පවුලේ සාමාජිකයන් විසින් පළකරන දෑ වැඩි වශයෙන් දර්ශනය වන ලෙස සැකසුම් (Settings) සකස් කර ගැනීමට මේ අනුව ග්‍රාහකයන්ට අවස්ථාව උදාවනු ඇති. එමෙන්ම තමන් කැමති ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩි වශයෙන් විස්තර එකෙහි දැක බලාගැනීමට හැකිවන අයුරින් සැකසුම් සකස් කර ගැනීමටද

Read More »

VIDEO : කොළඹ McDonalds අවන්හලක පිපිරීමක්

කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටා ඇති පැරණි තුරග තරග පිටියේ පිහිටා ඇති McDonalds අවන්හලක අද අලුයම කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පිහිටා ඇති අවන්හලක මෙම පිපිරීම සිදුවී ඇති බවයි. ඊට හේතුව ගෑස් කාන්දුවක් බවටයි දැනට සැක කෙරෙන්නේ. අනතුරුව ඇතිවූ ගින්න පාලනයට කොළඹ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව පියවර ගෙන තිබෙනවා. මෙහිදී පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැතැයි

Read More »