VIDEO : කොළඹ McDonalds අවන්හලක පිපිරීමක්

කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටා ඇති පැරණි තුරග තරග පිටියේ පිහිටා ඇති McDonalds අවන්හලක අද අලුයම කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පිහිටා ඇති අවන්හලක මෙම පිපිරීම සිදුවී ඇති බවයි.

ඊට හේතුව ගෑස් කාන්දුවක් බවටයි දැනට සැක කෙරෙන්නේ.

අනතුරුව ඇතිවූ ගින්න පාලනයට කොළඹ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව පියවර ගෙන තිබෙනවා.

මෙහිදී පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

පිපිරීමට නිශ්චිතම හේතුව තහවුරු කරගැනීමට රජයේ රස පරීක්ෂකවරයා අදාළ ස්ථානයට කැඳවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් කුරුඳුවත්ත පොලිසිය විසිනුයි විමර්ශන සිදු කරනු ලබන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »