නවසීලන්තයේදී බිරිඳ හා දියණිය අහිමිවූ ලාංකිකයාගේ එකම ඉල්ලීම

මීට මාස කිහිපයකට පෙර නවසීලන්තයේදී දරු ප්‍රසූතියේදී මියගිය නිලක්ෂිනී සිල්වා ගේ සැමියා වන චරිත මීපාගම එරට ස්ථිර පදිංචිය අපේක්ෂා කරන බව නවසීලන්ත වාර්තා පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ බිරිඳ සහ දියණිය භූමදානය කල සුසානභූමිය වෙත තමන් සෑම දිනකම යන බවයි.

තමන්ට නවසීලන්තයේ ස්ථිර පදිංචිය නොලදහොත් එම කටයුතු සිදුකිරීමට කිසිවෙකු මෙහි නොමැති බවද චරිත මීපාගම සඳහන් කර සිටී.

2009 වසරේදී හමුවී ඇති චරිත සහ නිලක්ෂිනි වසරකට පමණ පසු විවාහ වී මීට වසර 04 කට පමණ පෙර නවසීලන්තයට පැමිණ තිබිණ.

චරිත ට නේවාසික වීසා බලපත්‍රයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම සපයන බවට ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරුද සඳහන් කර ඇත.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »