Day: October 31, 2021

ජ්‍යෙෂ්ඨ නිර්මාණකරු Bert Newton සඳහා රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් – වික්ටෝරියා රජය තීරණය කරයි

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ රූපවාහිනී ප්‍රවීණයෙකු වන Bert Newton ගේ අවසන් කටයුතු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. මෙල්බර්න් හි පිහිටි සිය නිවසේදී ඊයේ අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 83 කි. ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම නිර්මාණකරුවෙකු වන Bert Newton වේදිකා නාට්‍ය හා චිත්‍රපට ගණනාවකද සිය දායකත්වය සපයා තිබුණි. ඔහු වසර 60 කට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියේය. Melbourne Tonight, The Graham Kennedy Show, The Don Lane Show, Good Morning Australia, New Faces, Bert’s

Read More »

මාස 20 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට හෙට සිට විදේශ සංචාර සඳහා යාමේ අවස්ථාව

මාස 20 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට විදේශ සංචාර සඳහා පිටත්ව යාමේ අවස්ථාව හෙට සිට උදාවේ. ඒ අනුව ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විදේශයන් සඳහා ගොස් ආපසු රටට පැමිණීමට අවසර පවතී. පළමු ගුවන් යානය ඩාර්වින් සිට බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා පිටත්ව යාමට නියමිතයි. කෙසේවෙතත් මෙලෙස පිටත්ව යන පුද්ගලයන් කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන සිටීම අනිවාර්ය වනු ඇති. ඔවුන් නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණිමේදී වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හා ACT හැර අනෙකුත් ප්‍රාන්ත සඳහා හෝටල් නිරෝධායනය තවමත් අනිවාර්යව පවතී.

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 178 ක් / මරණ 01 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (30) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 178 ක් වාර්තා වි තිබේ. දැනට 340 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 78 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 01 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 570 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 75,378 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1454569013309149186?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,036 ක් | මරණ 12 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,036 ක් හමුව ඇත. මරණ 12 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,013 කි ඊයේ දිනයේදී (30) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,768 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,369 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1454568837714567170?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

අදට යෙදී ඇති Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස ඉල්ලීමක්

අදට යෙදී ඇති Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස NSW බලධාරීන් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී. එම සැමරීම් එළිමහනේ සිදුකරන ලෙසත් සංග්‍රහ සහ ත්‍යාග ලබා දීම් සංවෘත ඇසුරුම්වල බහා සිදුකරන ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලති. නිවාසවලින් පිටත සිටීනම් මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටී. https://twitter.com/NSWHealth/status/1452454902723137541?s=20 අද වන විට හැලොවීන් සැමරුමක ඇති වඩාත් ජනප්‍රිය ම අංගය ලෙස ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලා සිටීම (trick-or-treat) හැඳින්විය හැකි යි. මෙය ආරම්භ වී ඇත්තේ

Read More »