අදට යෙදී ඇති Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස NSW බලධාරීන් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී.
එම සැමරීම් එළිමහනේ සිදුකරන ලෙසත් සංග්‍රහ සහ ත්‍යාග ලබා දීම් සංවෘත ඇසුරුම්වල බහා සිදුකරන ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලති.
නිවාසවලින් පිටත සිටීනම් මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටී.
https://twitter.com/NSWHealth/status/1452454902723137541?s=20
අද වන විට හැලොවීන් සැමරුමක ඇති වඩාත් ජනප්‍රිය ම අංගය ලෙස ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලා සිටීම (trick-or-treat) හැඳින්විය හැකි යි.
මෙය ආරම්භ වී ඇත්තේ අතීත හැලොවීන් සැමරුම් අතරතුර දී මිය ගිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් දුප්පතුන්ට ආහාර ලබා දීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බව පැවසෙනවා.