ජ්‍යෙෂ්ඨ නිර්මාණකරු Bert Newton සඳහා රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් – වික්ටෝරියා රජය තීරණය කරයි

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ රූපවාහිනී ප්‍රවීණයෙකු වන Bert Newton ගේ අවසන් කටයුතු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙල්බර්න් හි පිහිටි සිය නිවසේදී ඊයේ අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 83 කි.

ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම නිර්මාණකරුවෙකු වන Bert Newton වේදිකා නාට්‍ය හා චිත්‍රපට ගණනාවකද සිය දායකත්වය සපයා තිබුණි.

ඔහු වසර 60 කට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියේය.

Melbourne Tonight, The Graham Kennedy Show, The Don Lane Show, Good Morning Australia, New Faces, Bert’s Family Feud and 20 to 1 ආදී වැඩසටහන් ගණනාවක්ද ඔහු විසින් මෙහෙයවන ලදී.

PIC – (AAP: Joe Castro)

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »