Search

මාස 20 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට හෙට සිට විදේශ සංචාර සඳහා යාමේ අවස්ථාව

මාස 20 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට විදේශ සංචාර සඳහා පිටත්ව යාමේ අවස්ථාව හෙට සිට උදාවේ.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විදේශයන් සඳහා ගොස් ආපසු රටට පැමිණීමට අවසර පවතී.

පළමු ගුවන් යානය ඩාර්වින් සිට බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා පිටත්ව යාමට නියමිතයි.

කෙසේවෙතත් මෙලෙස පිටත්ව යන පුද්ගලයන් කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන සිටීම අනිවාර්ය වනු ඇති.

ඔවුන් නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණිමේදී වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හා ACT හැර අනෙකුත් ප්‍රාන්ත සඳහා හෝටල් නිරෝධායනය තවමත් අනිවාර්යව පවතී.

හෙට සිට මෙල්බර්න් හා සිඩ්නි යන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 02 ම නැවතත් කාර්ය බහුල වනු ඇති බවටද අනාවැකි පළවේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »