Day: October 4, 2021

ඔස්ටේ්‍රලියාවේ ප්‍රථම rapid antigen drive through මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔස්ටේ්‍රලියාවේ ප්‍රථම rapid antigen drive through පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණ. සිඩ්නි Royal Randwick centre හි එය ස්ථාපිත කර තිබේ. පළමු පියවරේදී වෙළඳ සංකීර්ණයේ සේවකයන් සඳහා පමණක් පරීක්ෂණ සිදු කෙරේ. අනතුරුව, පැමිණෙන පාරිභෝගික ජනතාව සඳහාද rapid පරීක්ෂණ සිදුකිරීම අරමුණ බව සඳහන්. මේ වනවිට වෙළඳසැල් වෙත පැමිණ භාණ්ඩ මිළදී ගැනීම සියයට 40 දක්වා අඩුවී ඇති අතර එය යථාතත්වයට පත් කිරීම මෙහි අරමුණයි.   source : https://9now.nine.com.au/a-current-affair/coronavirus-australias-first-rapid-antigen-test-drive-through-clinics-for-retail-industry/711c7def-0fb3-4073-8939-024302acd70c

Read More »
MELBOURNE

වික්ටෝරියා නව ආසාදිතයින්ගෙන් 45% ක් අවුරුදු 30 ට අඩු පුද්ගලයන්

වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින්ගෙන් 45% ක් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බව හෙළිවී තිබේ. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,377 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ. මේ අතර දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වී තිබේ. පසුගිය වසරේ පටන් මේ දක්වා මෙල්බර්න් නුවර locked-down කිරීම් හයකට මුහුණ දී ඇති අතර ඒවායේ මුළු දින ගණන 246 ඉක්මවා තිබේ. ඒ අනුව මීට පෙර ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය

Read More »
yohani

යොහානිට රාජ්‍ය සම්මානයක්

ලොව පුරා ජනප්‍රිය නව පරපුරේ ගායිකා වන යොහානි සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිණියක් ලෙස යොහානි කටයුතු කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඇයට රජයේ සුභාශිංසන පිරිනමන බවද ප්‍රකාශ කර සිටියා. සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ

Read More »

පැන්ඩෝරා ලේඛණවල නිරූපමාට ඇති චෝදනා අතර සිඩ්නි මහල් නිවාස අයුතු ලෙස මිළදී ගැනීමක්

හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ & සිය ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් විදේශ සමාගම් හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන ඇති බවට පැන්ඩෝරා ලේඛණ මගින් කරුණු අනාවරණය කර ගෙන ඇත. නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරියකි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල්

Read More »

නවසීලන්තය හා සමාන නේවාසික වීසා ඔස්ටේ්‍රලියාව තුළද ඉල්ලා Online පෙත්සමක්

නවසීලන්තය සිදුකල අයුරින් එකවර නේවාසික වීසා බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ඔස්ටේ්‍රලියාව තුළද ආරම්භ කරන ලෙස ඉල්ලමින් Online පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ. මේ වනවිට 5000 කට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇත. දැනට නවසීලන්තය තුළ තාවකාලික වීසා බලපත් මත සිටින 165,000ක පමණ පිරිසකට ප්‍රතිලාභ අත්වන පරිදි එකවර නේවාසික වීසා බලපත් ලබාදීමට නවසීලන්ත රජය පසුගිය 30 වනදා තීරණය කලේය. ලබන වසරේ ජූලි 22 වනදා දක්වා එරටට පැමිණෙන ඇතැම් වීසා බලපත්ලාභීන්ටද මේ සඳහා අයදුම් කල හැකිය. මෙම

Read More »