Day: October 4, 2021

ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි මුහුදු ප්‍රදේශයේ නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට සහභාගී වී සිටියදී ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. මීට දින දෙකකට පමණ පෙර මුම්බායි හි සිට Goa වෙත ගමන් කරන නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වෙන බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙත බුද්ධි තොරතුරක්

Read More »

නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය Aishwarya Aswath දැරියගේ දෙමව්පියන් නඩු මගට

පසුගිය අප්‍රේල් මාසයේදී Perth Children’s Hospital හිදී මියගිය 07 හැවිරිදි දැරිය වන Aishwarya Aswath ගේ දෙමව්පියන් විසින් බටහිර ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ. උණ රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය මෙම දැරිය පැය 02 ක් පුරා නිසි ප්‍රතිකාර නොලැබ මරණයට පත්වූ බවටයි දෙමව්පියන් චෝදනා කර සිටින්නේ. මූලික විමර්ශනයකදී හෙළීවූයේ රෝහල් කාර්ය මණ්ඩලය නිසි අවධානයක් නොදක්වා තිබූ බවටයි. Aishwarya Aswath ගේ පියා වන Aswath Chavittupara පවසන්නේ මීට පෙර කවරෙකු හෝ මෙවැනි නීතිමය

Read More »

Sinovac – කොවිෂීල්ඩ් TGA පිළිගත් ලැයිස්තුවට / චීන සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව

Sinovac සහ කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් දෙක ඔස්ට්‍රේලියාවේ පිළිගත් එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ නිෂ්පාදනයකි. ඒ අනුව අදාළ එන්නත සම්බන්ධයෙන් සිදුකෙරුණු ඇගයීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට තුළ පිළිගත් එන්නත් ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කළ බව TGA නිවේදනය කළේය. මෙම පියවරත් සමග ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ට දේශසීමා විවෘත කළ පසු රටට පැමිණීමට අවස්ථාව හිමිවෙයි. මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ද ඔස්ට්‍රේලියාවේ අනුමත එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Read More »