නවසීලන්තය හා සමාන නේවාසික වීසා ඔස්ටේ්‍රලියාව තුළද ඉල්ලා Online පෙත්සමක්

නවසීලන්තය සිදුකල අයුරින් එකවර නේවාසික වීසා බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ඔස්ටේ්‍රලියාව තුළද ආරම්භ කරන ලෙස ඉල්ලමින් Online පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

මේ වනවිට 5000 කට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇත.

දැනට නවසීලන්තය තුළ තාවකාලික වීසා බලපත් මත සිටින 165,000ක පමණ පිරිසකට ප්‍රතිලාභ අත්වන පරිදි එකවර නේවාසික වීසා බලපත් ලබාදීමට නවසීලන්ත රජය පසුගිය 30 වනදා තීරණය කලේය.

ලබන වසරේ ජූලි 22 වනදා දක්වා එරටට පැමිණෙන ඇතැම් වීසා බලපත්ලාභීන්ටද මේ සඳහා අයදුම් කල හැකිය.

මෙම Online පෙත්සමේ අරමුණ වන්නේ දැනට පවතින කොවිඩ් තත්වය හමුවේ නිර්මාණය වී ඇති සේවක හිගය මගහරවාලීමට ඔස්ටේ්‍රලියාව තුළද මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කල යුතු බවයි.

Skilled වීසා ලබාදෙන සංඛ්‍යාව සියයට 40 කින් පමණ කපා හැරීම මගින් ඔස්ටේ්‍රලියාව තුළ රැකියා සඳහා දැඩි ඉල්ලුමක් මතුව ඇති බවද මෙම පෙත්සමෙහි සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »