Day: October 4, 2021

මෙල්බර්න් නිවසකින් ඩොලර් මිලියනයක ගංජා පැළ සොයාගනී

මෙල්බර්න් ගිණිකොන දිග ප්‍රදේශයේ නිවසක තිබී ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමින් යුත් ගංජා පැළ තොගයක් සොයාගෙන තිබේ. Gembrook හි Maisey පාරේ නිවසක තිබී මෙලෙස ගංජා පැළ 300 ක් පමණ හමුවී ඇතැයි වික්ටෝරියා පොලිසිය කියාසිටී. සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොණු කර ඇති අතර ඔහු සතුව තිබී ඩොලර් 45,000 ක මුදලක්ද සොයාගෙන ඇත. සැකකරු ලබන ජනවාරි 10 වනදා නැවතත් මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.   source : https://7news.com.au/news/crime/cannabis-worth-1-million-located-in-vic-c-4144175

Read More »

NSW ප්‍රාන්ත නියෝජ්‍ය අගමැතිත් ඉල්ලා අස්වෙයි

NSW ප්‍රාන්ත නියෝජ්‍ය අගමැති John Barilaro ද ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලබන බදාදා දිනයේදී තමන් පක්ෂ සභික හමුවක් කැඳවන බවයි ඔහු නිවේදනය කලේ. ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ඉල්ලා අස්වී දින කිහිපයකට පසු නියෝජ්‍ය අගමැතිවරයාද ඉල්ලා අස්වීම විශේෂත්වයක්. තමන්ගේ ආසනය වන Monaro සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීම පිළිබඳ සාකච්ඡා කරන බවද John Barilaro සඳහන් කලේය. https://twitter.com/JohnBarilaroMP/status/1444778749245865986?s=20   PIC : Edwina Pickles

Read More »

ශ්‍රී ලංකා හිටපු අමාත්‍යවරියකගේ නමත් “පැන්ඩෝරා” මූල්‍ය වංචා ලේඛණවල

ලොවපුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සඟවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ICIJ යනුවෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා. මිලියන 12කට අධික ලිපි වලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර (Panadora Papers) යනුවෙන් නම් කර තිබෙනවා. මෙලෙස නිකුත් කර ඇති ලේඛණ වලට අනුව හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ ගේ නමද ඇතුලත් බවට කරුණු වාර්තා වී තිබෙනවා. මේ

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 06 ක් – ආසාධිතයන් 623 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 623 ක් වාර්තා වි තිබේ. දැනට 959 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 193 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 434 කි. https://twitter.com/NSWHealth/status/1444814623937417218?s=20

Read More »

ඊයේ දිනයේ වික්ටෝරියාවේ කෝවිඩ් මරණ 4ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,377 ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,711 කි. ඊයේ දිනයේදී (03) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,789 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 30,985 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1444781168604459011?s=20

Read More »