පැන්ඩෝරා ලේඛණවල නිරූපමාට ඇති චෝදනා අතර සිඩ්නි මහල් නිවාස අයුතු ලෙස මිළදී ගැනීමක්

හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ & සිය ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් විදේශ සමාගම් හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන ඇති බවට පැන්ඩෝරා ලේඛණ මගින් කරුණු අනාවරණය කර ගෙන ඇත.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරියකි.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුවට (ICIJ) අනුව 2016 දී, නිවසක් ඉදිකිරීම සඳහා මහජන මුදල් භාවිත කළ බවට චෝදනා එල්ල වූ බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ වෙළඳාම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද , හෙළිදරව් වූ ලිපිගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රහස්‍යභාවය රකින බෙහෝ ස්ථානවල නඩේසන් විවිධ සමාගම් ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කළ විදෙස් සමාගම් හරහා කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවත් වටිනා චිත්‍ර මිලදී ගැනීම සඳහා එම සමාගම් භාවිත කළ බව ද සඳහන් වේ.

සිංගප්පූරුවේ ස්ථාපිත Asiaciti Trust සමාගම විසින් 2011 වනවිට නඩේසන්ගේ සම්පූර්ණ වත්කම් ඩොලර් මිලියන 160 කට වැඩි බව සඳහන් කර තිබේ.

නමුත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) පවසන්නේ, එය ස්වාධීන ව තහවුරු කළ නොහැකි බවයි.

ICIJ විශ්ලේෂණයට අනුව, Asiaciti Trust සමාගම කළමනාකරණය කළ නඩේෂන්ගේ ඇතැම් සමාගම් සහ භාර කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වේ.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කරන්නේ, නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි.

මේ ඒ සම්බන්ධයෙන් පැන්ඩෝරා ලේඛණවල සඳහන්ව තිබු ආකාරයයි.

https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »