Day: September 13, 2021

නොවැම්බර් වනවිට දේශ සීමා විවෘත කිරීමට ෆීජි රජය තීරණය කරයි

නොවැම්බර් වනවිට ජාත්‍යන්තර සංචාරකයන් සඳහා සිය දේශ සීමා විවෘත කිරීමට ෆීජි රජය තීරණය කර තිබේ. ඒ වනවිට එරට ජනගහණයෙන් සියයට 80 ක් පමණ එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ෆීජි බළධාරීන් නිවේදනය කලේ. පසුගිය සතිය පුරා එරටින් දෛනිකව වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාධිතයන් 200 කටත් අඩු පිරිසකි. එමෙන්ම සමස්ත ජනගහණයෙන් සියයට 97.1 ක් දැනටමත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර මාත්‍රා 02 ම ගෙන ඇති සංඛ්‍යාව සියයට 58.2 කි. මේ අතර ක්වන්ටාස් ගුවන්

Read More »

හැමෝම දන්න දොන් ශර්මන්ගෙන් “Cook Along”…. අලුත්ම වැඩේ මෙන්න….

අප හැමෝම දන්න දොන් ශර්මන් අලුත්ම වැඩක් පටන් අරගෙන කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන කරපු කථාබහයි මේ. 1. දොන් ශර්මන් නම ඇහුණු ගමන් හැමෝම දන්නවා අලුත් වැඩක් තමයි කියලා.. මොකක්ද මේ Cook Along කියන අලුත්ම වැඩේ ? අප හැමෝම මේ දවස්වල ඉන්නේ New Normal තත්වයක. ඒ කියන්නේ Normal දේවල් New නැත්නම් අලුත් විධිහට කරන එක. ඒකට හොඳම මෙවලම තමයි Online ක්‍රමය. විවිධ තැන් වලට ගිහින් ජනතාවට යම් යම් දේවල් ඉදිරිපත් කරපු අය විධිහට

Read More »
PENSION ELDERS

The age pension, JobSeeker සහ අනෙකුත් සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළට

The age pension, JobSeeker සහ අනෙකුත් සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ. සැප්තැම්බර් 20 වනදා සිට තනි පුද්ගල විශ්‍රාම වැටුප ඩොලර් 14.80 ක අනුපාතයකින් වැඩි කෙරෙන අතර ඒ අනුව සති 02 කට ඩොලර් 967.50 ක් ලැබෙනු ඇත. යුවළක් සඳහා ඩොලර් 22.40 ක වැඩිවීමක් හිමිවේ. මේ අනුව වාර්ෂික විශ්‍රාම වැටුප තනි පුද්ගලයෙකු සඳහා ඩොලර් 25,155 සිට 37,923 දක්වා ඉහළ යයි. JobSeeker දීමනාව සියයට 1.4 කින් වැඩි කෙරෙන අතර ඒ අනුව සති 02

Read More »

Greater Sydney සීමා කිහිපයක් ලිහිල් කෙරේ / ඊයේ NSW ආසාධිතයන් 1260 ක් – මරණ 07 ක්

Greater Sydney කලාපය සඳහා පණවා තිබූ Lockdown සීමා කිහිපයක් අද සිට ලිහිල් කර තිබේ. ඒ අනුව ඉහළ අවධානම් ප්‍රදේශවල (Hot spots) සිටින ජනතාවටද එළිමහන් උත්සව සංවිධාන කිරීමට අවසර දී ඇත. Picnic වැනි දෑ සඳහා එලෙස අවසර ලැබෙන අතර දිනකට පැය 02 ක උපරිමයක සීමාවක් ක්‍රියාක්මකය. කෙසේවෙතත් කිලෝමීටර් 05 ක උපරිම සීමාව තවදුරටත් බලපැවැත්වේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (12) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1260 ක් වාර්තා වි තිබේ. දැනට 1189 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන්

Read More »

දුම්රිය සේවකයන් 05 කට කොවිඩ් / අදත් V-Line සේවාවන්ට බාධා

දුම්රිය සේවකයන් 05 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට පත්වීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ හුදකලා කිරීමත් හමුවේ අද දිනයේදී V/Line හි සේවා සැළකිය යුතු මට්ටමකින් අඩාල වනු ඇති බවට අනතුරු ඇගවෙනවා. Ballarat – Bendigo මාර්ගවල ඉතා සීමිත දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයට එක් කෙරෙන බව බළධාරීන් පැවසීය. ඒ අනුව සිය ගමනාරම්භයට පෙර වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙසටද දැනුම්දීමක් සිදු කෙරේ. සවස් වරුවේද විනාඩි 30 න් 30 ට හෝ පැයකට වරක් ඇතැම් දුම්රිය ධාවනයටද පියවර ගෙන ඇත.

Read More »