
දුම්රිය සේවකයන් 05 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට පත්වීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ හුදකලා කිරීමත් හමුවේ අද දිනයේදී V/Line හි සේවා සැළකිය යුතු මට්ටමකින් අඩාල වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
Ballarat – Bendigo මාර්ගවල ඉතා සීමිත දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයට එක් කෙරෙන බව බළධාරීන් පැවසීය.
ඒ අනුව සිය ගමනාරම්භයට පෙර වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙසටද දැනුම්දීමක් සිදු කෙරේ.

සවස් වරුවේද විනාඩි 30 න් 30 ට හෝ පැයකට වරක් ඇතැම් දුම්රිය ධාවනයටද පියවර ගෙන ඇත.