නොවැම්බර් වනවිට දේශ සීමා විවෘත කිරීමට ෆීජි රජය තීරණය කරයි

නොවැම්බර් වනවිට ජාත්‍යන්තර සංචාරකයන් සඳහා සිය දේශ සීමා විවෘත කිරීමට ෆීජි රජය තීරණය කර තිබේ.

ඒ වනවිට එරට ජනගහණයෙන් සියයට 80 ක් පමණ එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ෆීජි බළධාරීන් නිවේදනය කලේ.

පසුගිය සතිය පුරා එරටින් දෛනිකව වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාධිතයන් 200 කටත් අඩු පිරිසකි.

එමෙන්ම සමස්ත ජනගහණයෙන් සියයට 97.1 ක් දැනටමත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර මාත්‍රා 02 ම ගෙන ඇති සංඛ්‍යාව සියයට 58.2 කි.

මේ අතර ක්වන්ටාස් ගුවන් සේවයද නිවේදනය කලේ දෙසැම්බර් මැද භාගය වනවිට සිංගප්පූරුව – අමෙරිකාව – ජපානය – බ්‍රිතාන්‍යය – ෆීජි – නවසීලන්තය සහ කැනඩාව වැනි රටවලට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »