The age pension, JobSeeker සහ අනෙකුත් සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළට

PENSION ELDERS

The age pension, JobSeeker සහ අනෙකුත් සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

සැප්තැම්බර් 20 වනදා සිට තනි පුද්ගල විශ්‍රාම වැටුප ඩොලර් 14.80 ක අනුපාතයකින් වැඩි කෙරෙන අතර ඒ අනුව සති 02 කට ඩොලර් 967.50 ක් ලැබෙනු ඇත.

යුවළක් සඳහා ඩොලර් 22.40 ක වැඩිවීමක් හිමිවේ.

මේ අනුව වාර්ෂික විශ්‍රාම වැටුප තනි පුද්ගලයෙකු සඳහා ඩොලර් 25,155 සිට 37,923 දක්වා ඉහළ යයි.

JobSeeker දීමනාව සියයට 1.4 කින් වැඩි කෙරෙන අතර ඒ අනුව සති 02 කට අමතර ඩොලර් 11.90 ක් ලැබෙනු ඇත.

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 10 කට පමණ මෙම වරප්‍රසාදය හිමිවේ.

2014 වසරෙන් පසු මෙම දීමනා මෙතරම් ඉහළ අගයකින් වැඩි කල පළමු අවස්ථාව මෙයයි.

රජයේ දත්ත අනුව දැනට මිලියන 2.5 ක් පමණ The age pension ලබන අතර 756,000 ක් පමණ disability support pension ද 977,500 ක් පමණ JobSeeker දීමනාද ලබති.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »