හැමෝම දන්න දොන් ශර්මන්ගෙන් “Cook Along”…. අලුත්ම වැඩේ මෙන්න….

අප හැමෝම දන්න දොන් ශර්මන් අලුත්ම වැඩක් පටන් අරගෙන කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන කරපු කථාබහයි මේ.

1. දොන් ශර්මන් නම ඇහුණු ගමන් හැමෝම දන්නවා අලුත් වැඩක් තමයි කියලා.. මොකක්ද මේ Cook Along කියන අලුත්ම වැඩේ ?

අප හැමෝම මේ දවස්වල ඉන්නේ New Normal තත්වයක. ඒ කියන්නේ Normal දේවල් New නැත්නම් අලුත් විධිහට කරන එක. ඒකට හොඳම මෙවලම තමයි Online ක්‍රමය. විවිධ තැන් වලට ගිහින් ජනතාවට යම් යම් දේවල් ඉදිරිපත් කරපු අය විධිහට දැන් ඒකරාශි වෙන දේවල් කරන්න අමාරුයි. ඉතින් මියුසික් වලදී Sing Along සංකල්පය අපි කලින් අත්හදා බලලා තියෙනවා. ඒ විධිහට මම හිතුවා Cook Along කරන්න. දැන් මේක ඉතාම සාර්ථකයි. දෙපැත්තක ඉඳලා ලෝකයේ කොතැනක හිටියත් එකම වේලාවේ ඉවුම් පිහුම් කරන්න පුලුවන්. ඕඩියෝ – වීඩියෝ තාක්ෂණය හරහා විනෝදාස්වාදය බෙදා ගන්න පුලුවන් ඒකරාශීවීමකින් තොරවම.

2. සූපවේදී වැඩසටහන් ගණනාවක් මේ වෙනකොට යූ ටියුබ් ඇතුලු සමාජ මාධ්‍යවලත් තියෙනවා. ඒවායින් මේ වැඩේ වෙනස් වෙන්නේ කොහොමද ?

යූ ටියුබ් එකේ තියෙන්නේ Recorded දෙයක්. හැබැයි මේක Live යන නිසා යෝජනා – චෝදනා සියල්ල ඒ අවස්ථාව්දීම ඉදිරිපත් කරන්න පුලුවන්. ගැටලු තියෙනවා නම් ඒ වෙලාවේම කථා කරලා විසඳා ගන්න පුලුවන්. මේක සජීවීව එකිනෙකා අතර සම්බන්ධවෙලා සිද්ධවෙන ඉහළින්ම රස විඳින්න පුලුවන් වැඩක්.

3. මොන වගේ අලුත් recipes ද ඉදිරියට හදන්න බලාපොරොත්තු වෙන්නේ ??

මම මෑතකදී කරපු ඉදිරිපත් කිරීම්වලට ගොඩක් සම්බන්ධ වුණේ Non Sri Lankans ලා. ඉතින් ඒ අයටත් ගැලපෙන විධිහට ශ්‍රී ලාංකික ආහාරපාන වගේම ජාත්‍යන්තර ආහාර වට්ටෝරු හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් විධිහට ඉදිරිපත් කරනවා. මම මෑතකදී තායි – ඉන්දියන් – වගේම ලංකාවේ ක්‍රමයට හැබැයි ටිකක් අලුත් ක්‍රමයට Dishes කිහිපයක්ම ඉදිරිපත් කලා. ඒවාට ඉහළම ප්‍රසාදයක් ලැබුණා. බොහෝ දෙනාගේ කැමැත්ත ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ලේසියෙන්ම පහසුවෙන්ම හදා ගන්න පුලුවන් වීම. රෙස්ටුරන්ට් වල වගේ Ingredients ගොඩාක් යොදාගෙන කරන හරිම Complex ආහාර වට්ටෝරු නම් නෙවෙයි මේවා.

4. මේක Live යන නිසා ලොව පුරා ඕනෑම අයෙකුට එකතු වෙන්න පුලුවන්… ඒ නිසා වේලාව – දිනය – කාටද එකතු වෙන්න පුලුවන් කියලා පොඩ්ඩක් මතක් කලොත් ??

මෙතනදී අපි කරන්නේ මේක විවෘතවම නෙවෙයි. ඒ කියන්නේ ෆේස්බුක් ලයිව් වගේ හැමෝටම බලන්න පුලුවන් දෙයක් නෙවෙයි Cook Along කියන්නේ. මෙතන තියෙන්නේ සජීවී ක්‍රියාකාරකම් ඒ කියන්නේ Activity එකක්. ඒ අයට වේලාසන රෙසිපි එක දීලා – අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්න කියලා – ඒ එන කට්ටිය වෙනම ප්‍රයිවට් ගෲප් එකක් විධිහට කණ්ඩායමක් විධිහට තමයි අපි සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ Office එකක එකට වැඩ කරන ගෲප් එකක් වෙන්න පුලුවන් – නැත්නම් සෝෂල් ගෲප් එකක් වෙන්න පුලුවන් – යාලුවෝ කණ්ඩායමක් වෙන්න පුලුවන්. මෙන්න මේ විධිහට තෝරාගත් කණ්ඩායමක් තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මම Step by Step කියලා දෙනවා මේ වට්ටෝරුව හදන විධිහ. සමහරු ජීවිතේට උයලා නැති අය පවා පසුගිය දිනවල මේකට සම්බන්ධවෙලා ඉතාම සතුටට පත්වුණා.

5. එදාට වඩා අද ගැන රසිකයන්ගේ තියෙන උනන්දුව වැඩිද ? ඒ ගැන පැහැදිලි කලොත්….

ලොක්ඩවුන් වල ඉන්න නිසා ගෙදරින් එළියට ගිහින් කන්න බැරි එක ගැන පොඩි දුකක් තියෙනවා. හැබැයි මේ අලුත් වැඩේ එක්ක ඒ ආතතිය නැතිවෙලා සතුටින් ආහාර වේලක් සකස් කර ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අර හිතේ තියෙන දුක තුරන් වෙලා යනවා කිව්වොත් හරි. කවුරුහරි උයලා දෙන දෙයක් කනවාට වඩා මේක මම උයපු එකක් නේද කොහොම වේවිද කියලා හරිම කුතුහලයක් දැනෙන්නේ. හැමෝම එකතුවෙලා කරන හරිම අපූරු ව්‍යායාමයක් විධිහටයි මේක හඳුන්වා දෙන්න පුලුවන්. කවදාවත් නොදැකපු කථා නොකරපු අය එක්ක පවා හරිම මිත්‍රශීලී විධිහට මේ වැඩේ කරගෙන යන්න පුලුවන්.

6. ඔබේ ගීත වගේම මේ රෙසිපීස්වලට ආදරය කරන ජනතාවට දෙන්න තියෙන පණිවිඩය…

මගේ රසික ප්‍රජාව මේකත් එක්ක ඉහළ ගියා කිව්වොත් හරියටම හරි. ඉදිරියට මම ගීත ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවේ. ඕනෑ නම් පොඩි ඩාන්ස් එකක් වුණත් එකතු කරගන්න පුලුවන්. තියෙන තත්වය පහව යන කම් හොඳම විකල්පයක් විධිහට මේ Cook Along හඳුන්වා දෙන්න පුලුවන්. ඕනෑම කෙනෙකුට මාව Contact කරගෙන මේ වැඩේට එකතු වෙන්න පුලුවන්.

7. Cook Along ගැන අවසාන වශයෙන් මතක් කිරීමක් කලොත්….

මගේ Social media platforms ඇවිත් මට Inbox message එකක් දැම්මම මට පුලුවන් හරියටම සියලු විස්තර ටික එවන්න. අපි dish 01 ක් නැත්නම් 02 ක් වගේ කරන්නේ. උපරිම පැය 1.5 ක් වගේ මේකට යන්නේ. හැමෝම අති දක්ෂ අය නම් නෙවෙයි මේකට සහභාගී වෙන්නේ. ලබන 18 වනදා මම ලංකාවේ පාසල් 02 ක සිසුන් 500 කට ඔන්ලයින් කරනවා. නිකමට කල්පනා කරලා බලන්න 500 ක් එකම ස්ථානයකට ගේන්න ගියොත් කොච්චර වියදමක් දරන්න වෙවිද කියලා.. ඉතින් කැමති ඕනෑම කෙනෙකුට මාව Contact කරගෙන මේකට සම්බන්ධ වෙන්න පුලුවන්…….