Day: September 4, 2021

ධාරාණිපාත වර්ශා සමග වික්ටෝරියා ඇතැම් ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් නිවේදන

ධාරාණිපාත වර්ශාවත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් නිකුත් කර තිබේ. ඒ අනුව මධ්‍යම සහ ඊසාන දිග වික්ටෝරියා මෙන්ම Gippsland සඳහාද අවධානම් නිවේදන නිකුත් කර ඇත. ගතවූ පැය 24 තුළදී බොහෝ ප්‍රදේශ සඳහා මිලි මීටර් 70 ඉක්මවූ වර්ශාපතනයක් ලැබී තිබේ. වික්ටෝරියා නවතම කාළගුණ අනතුරු ඇගවීම් පහතින් : http://www.bom.gov.au/vic/warnings/?utm_source=tw&utm_medium=org&utm_campaign=sm-015-0015&utm_content=Br&utm_source=tw&utm_medium=org&utm_campaign=sm-015-0001&utm_content=IT

Read More »

NSW මෙන් වික්ටෝරියා තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක අනතුරු ඇගවීමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton අනතුරු අගවනවා. පරීක්ෂණවලට යොමුවීම ප්‍රමාද කිරීම සහ නීති කඩකිරීම ඉහළ යාම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට පවතින කොවිඩ් රැල්ල ඉහළම අගයට ගොස් ඇති බව ප්‍රකාශ කිරීමට කල් වැඩි බවද Brett Sutton සඳහන් කලා. කෙසේවෙතත් පවතින තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා අවධාරණය කලේ. ගතවූ පැය 24

Read More »

දින 200 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් මරණයක්

දින 200 කට පමණ පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක ඕක්ලන්ඩ් නගරයේ රෝහලකදී මෙලෙස මියගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ. මෙය ඩෙල්ටා වෛරසය වැළඳීමෙන් නවසීලන්තයෙන් වාර්තාවූ පළමු කොවිඩ් ආසාධිත මරණයද වනවා. මේ අනුව එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළ යනු ඇති. දැනට නවසීලන්තයේ රෝහල්වල සිටින කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 43 ක් වන අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Read More »

ගතවූ සතියේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන් – ඔස්ටේ්‍රලියාව 10 වන තැන

ගතවූ සතිය තුළ ජනගහනයට සාපේක්ෂව ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සිදුකල රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එන්නත්කරණ දත්ත පිළිබඳ තොරතුරු වාර්තා කරන අවර් වර්ල්ඩ් ඩේටා වෙබ් අඩවියට අනුව ගතවූ සතියේදී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 13 කට එන්නත් ලබාදී තිබෙනවා. මෙම සටහනේ දෙවන ස්ථානයට ඉක්වදෝරයද – 03 වන ස්ථානයට බෲනායි රාජ්‍යයද – 04 වන ස්ථානයට නවසීලන්තයද පත්ව ඇති බව සඳහන්. ඔස්ටේ්‍රලියාව පසුවන්නේ 10 වන ස්ථානයේයි. https://twitter.com/redouad/status/1433747600390475781?s=20

Read More »

ඔස්ටේ්‍රලියාවේ 12 ත් 17 ත් අතර ළමුන්ට මොඩර්නා එන්නත ලබාදීම සඳහා අනුමැතිය

ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර ළමුන්ට මොඩර්නා එන්නත ලබාදීම සඳහා අද දිනයේදී අනුමැතිය හිමිවී ඇත. මේ අනුව ඔස්ටේ‍රලියාවේ එන්නත්කරණ ක්‍රියාදාමය තවත් වේගවත් වනු ඇති බවයි අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ. දැනටමත් මහා බි්‍රතාන්‍යය – කැනඩාව – ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 12 ත් 17 ත් අතර ජනගහණයට මොඩර්නා එන්නත දීමා සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. එහි මාත්‍රා 02 අතර පරතරය දින 28 ක් වනු ඇති. මෙම සතිය තුළදී මහා බි්‍රතාන්‍යයෙන්

Read More »