දින 200 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් මරණයක්

දින 200 කට පමණ පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක ඕක්ලන්ඩ් නගරයේ රෝහලකදී මෙලෙස මියගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

මෙය ඩෙල්ටා වෛරසය වැළඳීමෙන් නවසීලන්තයෙන් වාර්තාවූ පළමු කොවිඩ් ආසාධිත මරණයද වනවා.

මේ අනුව එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළ යනු ඇති.

දැනට නවසීලන්තයේ රෝහල්වල සිටින කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 43 ක් වන අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »