Day: September 4, 2021

අතුරුදන් 03 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක්

නිවු සවුත් වේල්ස් Hunter Valley හි පිහිටි සිය නිවසින් අතුරුදන්ව ඇති 03 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. Anthony Elfalak නම් මෙම දරුවා අවසන් වරට දැක ඇත්තේ ඊයේ එනම් සිකුරාදා දහවල් 12 ට පමණ සිය නිවසේ සිටියදීයි. Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ. පොලිසිය හා ගිණි නිවීම් අංශ සේවකයන්ද එක්ව මේ වනවිට ප්‍රදේශය පුරා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ සඳහා emergency service සේවකයන්

Read More »

පළමු වරට NSW දෛනික ආසාධිතයන් 1500 ඉක්මවයි

පළමු වරට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික ආසාධිතයන් ගණන 1500 ඉක්මවා තිබේ. ඊයේ (03) දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1534 කි. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 04 ක් වාර්තා වි තිබේ. මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 179 කි. දැනට 1041 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 173 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. https://twitter.com/NSWHealth/status/1433958194875801602?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන..

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 190 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,301 කි. ඊයේ දිනයේදී (3) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,548 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 35,464 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1433919198841896964?s=20

Read More »

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට රටින් පිටවීමේ තහනම දෙසැම්බර් 17 තෙක් දිගු කරයි

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට රටින් පිටවීමේ තහනම තවත් දිගු කර තිබේ. ඔස්ට්‍රේලියනුවාසීන් කොවිඩ් වසංගතයෙන් බේරාගැනීම උදෙසා මෙම හදිසි තත්ත්වය 2020 මාර්තු 18 පනවන ලදී. එය යළිත් 2021 දෙසැම්බර් 17 තෙක් දීර්ග කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt නිවේදනය කළේය. COVID-19 වයිරසයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩව උපකාර කිරීම සඳහා මෙම හදිසි තත්ත්වය පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය. පහත සඳහන් බලාත්මක කිරීම් ද දීර්ග කෙරේ. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පිටත් වීමට පෙර කොවිඩ්

Read More »

මෙල්බර්න්වාසීන්ට සිඩ්නි යන්න කලින් පිටරට යන්න පුලුවන් වෙන හැඩ

ප්‍රාන්ත සීමා විවෘත කිරීමට පෙර ඇතැම් විට රටේ දේශ සීමා විවෘත කිරීමට හැකි වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි. එනම් මෙල්බර්න් හෝ සිඩ්නි පදිංචි අයෙකුට අනෙක් නගරයට යාමට අවසර ලැබීමට පෙර වෙනත් රටක සංචාරයකට ගොස් නැවත පැමිණිය හැකිය යන්නයි. අගමැතිවරයා පවසන්නේ කිසියම් ප්‍රාන්තයක් සියයට 70 – 80 එන්නත් ඉලක්කයට ළගාවන තුරු ප්‍රාන්ත සීමා විවෘත නොකරන බවයි. එහෙත් කිසියම් ප්‍රාන්තයක සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නියමිත කොන්දේසි සපුරා ඇත්නම් දේශ සීමා විවෘත කල පසු විදෙස් සංචාරවල

Read More »