
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට රටින් පිටවීමේ තහනම තවත් දිගු කර තිබේ.
ඔස්ට්‍රේලියනුවාසීන් කොවිඩ් වසංගතයෙන් බේරාගැනීම උදෙසා මෙම හදිසි තත්ත්වය 2020 මාර්තු 18 පනවන ලදී.
එය යළිත් 2021 දෙසැම්බර් 17 තෙක් දීර්ග කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt නිවේදනය කළේය.

COVID-19 වයිරසයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩව උපකාර කිරීම සඳහා මෙම හදිසි තත්ත්වය පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
පහත සඳහන් බලාත්මක කිරීම් ද දීර්ග කෙරේ.

- ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පිටත් වීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම සහ මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- ඔස්ට්‍රේලියානු භූමි සීමාව වෙතට Cruise නෞකාවන්ට ඇතුළුවීම සීමා කිරීම.
- ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර සංචාර සඳහා පිටත්වීම සීමා කිරීම.
- ජාත්‍යන්තර ගුවන් තොටුපලවල සිල්ලර වෙළඳ සැල්වල වෙළෙඳාම සීමා කිරීම.