ඔස්ටේ්රලියාවේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර ළමුන්ට මොඩර්නා එන්නත ලබාදීම සඳහා අද දිනයේදී අනුමැතිය හිමිවී ඇත.
මේ අනුව ඔස්ටේරලියාවේ එන්නත්කරණ ක්රියාදාමය තවත් වේගවත් වනු ඇති බවයි අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ.
දැනටමත් මහා බි්රතාන්යය – කැනඩාව – ස්විට්සර්ලන්තය සහ යුරෝපා සංගමයට අයත් රටවල වයස අවුරුදු 12 ත් 17 ත් අතර ජනගහණයට මොඩර්නා එන්නත දීමා සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.
එහි මාත්රා 02 අතර පරතරය දින 28 ක් වනු ඇති.
මෙම සතිය තුළදී මහා බි්රතාන්යයෙන් ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂ 40 ක් ද ඔස්ටේ්රලියාවට ලැබීමට නියමිතව තිබෙනවා.
එය ලබාදෙන්නේ වයස අවුරුදු 16 ත් 39 ත් අතර පිරිසටයි.